AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාපාරිකයෙකුගේ දේපළ වෙන්දේසිය නවතමින් අධිකරණයෙන් වාරණ නියෝගයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අපහසුතාවයට පත් ගල්නෑව සහල් ව්‍යාපාරිකයෙකුගේ දේපළ වෙන්දේසි කිරීම වළක්වමින් මහජන බැංකුවට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් අපහසුතාවට පත් ව්‍යාපාරිකයින්ට සහන සලසන්නැයි, ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛ නිකුත් කර තිබියදී එම චක්‍රලේඛ උල්ලංඝනය කරමින් දේපළ ලබන 30 වෙනි දින වෙන්දේසි කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණය නිකුත් කර ඇත්තේ.

ගල්නෑව, නෑගම්පහ පදිංචි සහල් ව්‍යාපාරිකයකු වූ සංජීව විජේසුන්දර මහතා සිය නීතිඥ අරුණ රණසිංහ මගින් මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සමසම සම්බන්ධයෙන් ඒකපාර්ශවීයව කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විත්තිකාර බැංකුවට ජනවාරි 4 වන දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ද නියෝග කළේ.

ගනුදෙනුකරුවන්ට සහන සලසන්නැයි, ශ්‍රී ලංකා මහ බැංකුව හා රජය තීන්දු තීරණ ගෙන තිබියදී එය නොතකා හරිමින් විත්තිකාර බැංකුව දේපළ වෙන්දේසි කිරීමට කටයුතු කිරීමෙන් මහත් අගතියක් ගනුදෙනුකරුවන්ට සිදුවන බවත් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතීඥ රණසිංහ මහතා අධිකරණයට පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?