ව්‍යාපාරිකයෙකුගේ දේපළ වෙන්දේසිය නවතමින් අධිකරණයෙන් වාරණ නියෝගයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අපහසුතාවයට පත් ගල්නෑව සහල් ව්‍යාපාරිකයෙකුගේ දේපළ වෙන්දේසි කිරීම වළක්වමින් මහජන බැංකුවට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් අපහසුතාවට පත් ව්‍යාපාරිකයින්ට සහන සලසන්නැයි, ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛ නිකුත් කර තිබියදී එම චක්‍රලේඛ උල්ලංඝනය කරමින් දේපළ ලබන 30 වෙනි දින වෙන්දේසි කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණය නිකුත් කර ඇත්තේ.

ගල්නෑව, නෑගම්පහ පදිංචි සහල් ව්‍යාපාරිකයකු වූ සංජීව විජේසුන්දර මහතා සිය නීතිඥ අරුණ රණසිංහ මගින් මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සමසම සම්බන්ධයෙන් ඒකපාර්ශවීයව කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විත්තිකාර බැංකුවට ජනවාරි 4 වන දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ද නියෝග කළේ.

ගනුදෙනුකරුවන්ට සහන සලසන්නැයි, ශ්‍රී ලංකා මහ බැංකුව හා රජය තීන්දු තීරණ ගෙන තිබියදී එය නොතකා හරිමින් විත්තිකාර බැංකුව දේපළ වෙන්දේසි කිරීමට කටයුතු කිරීමෙන් මහත් අගතියක් ගනුදෙනුකරුවන්ට සිදුවන බවත් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතීඥ රණසිංහ මහතා අධිකරණයට පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23