පුදුකුඩිඉරිප්පු කැලෑබද ප්‍රදේශයක තිබී අද (18) උදෑසන දැරියකගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. එලෙස සොයාගෙන තිබුණේ 12 හැවිරිදි දැරියකගේ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.
පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ පසුගිය 15වනදා සවස් කාලයේ සිට අදාළ දැරිය අතුරුදන්ව සිටි බවයි.
මෙම දැරිය පදිංචිව සිට ඇත්තේ පුදුකුඩිඉරිප්පු – මුන්ගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේයි.
නිවසේ සිටියදී දැරිය අතුරුදන්ව ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දැරියගේ සිරුර සොයාගෙන ඇති අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වනවිට මෘත ශරීරය මාන්චෝලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.
අදාළ මරණය සියදිවි හානි කරගැනීමක්ද නැතහොත් සාහසික ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරට විමර්ශන සිදුකරමින් සිටියි.





