සිසුවාට අමානුෂීය ලෙස පහරදුන් ගුරුවරයා රිමාන්ඩ්

වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ප්ලාස්ටික් බටයකින් ඉතා අමානුෂික ලෙස පහරදුන් බව කියන එම විදුහලේ ම තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් වේයන්ගොඩ පොලිසිය, සැකකාර ගුරුවරයා අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ ය.

සැකකාර ගුරුවරයා දින කිහිපයක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිට ඊයේ උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් වේයන්ගොඩ පොලිසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාර ගුරුවරයාගේ බිරිය ද ගම්පහ කොට්ඨාසයේ ජනප්‍රිය විදුහලක ගුරුවරියක ලෙස රාජකාරි කරන්නියක් බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ.

සවස් යාමයේ පැවැති ටියුෂන් පන්තියට සහභාගි නොවීම සම්බන්ධයෙන් උරණ වූ තාක්ෂණ ගුරුවරයා උදෑසන පන්ති පැවති කාලයේදී ප්ලාස්ටික් බටයක් ගෙනැවිත් පාසල් සිසුවාගේ දෙඅත්වලට ඉන් ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ද පොලිසිය සඳහන් කර සිටින්නේ. ඒ මොහොතේ සිසුවාට එලෙස පහර නොදෙන ලෙස පන්ති භාර ගුරුතුමිය තාක්ෂණ ගුරුවරයාගෙන් ඉල්ලා ඇතත් ඔහු එය ගණනකට නොගෙන පාසල් සිසුවාට අමානුෂික ලෙස පහර දී තිබේ.

පසුව දරුණු ලෙස දෙඅත්වලට තුවාල සිදුවූ දරුවා රෝහලට ඇතුළු කොට ප්‍රතිකාර ලබාදී ඇති අතර පහරදීම සම්බන්ධයෙන් සිසුවාගේ මවුපියන් වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සැකකාර තොරතුරු තාක්ෂණය ගුරුවරයාගේ නිවෙස හා ඔහුගේ ඥාති නිවෙස් සෝදිසියට ලක් කළ සැකකාර ගුරුවරයා ද බිරිය හා දරුවන් සමග ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙසේ දින පහක පමණ කාලයක් සැඟව සිටි සැකකාර ගුරුවරයා ඊයේ නීතිඥවරයෙකු සමග පැමිණ පොලිසියට භාරවීමෙන් පසු වේයන්ගොඩ පොලිසිය විසින් සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

පහර කෑමට ලක්වූ සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත තාක්ෂණ විෂය හදාරන දරුවෙකු බව පොලිසිය සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51