බගවන්තලාව නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (15) දින තහවුරු වු නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා බැංකු ශාඛාවේ සේවය කල කලමණාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
එම බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොවිඩ් 19 රෝගි ලක්ෂණ මතුවිම නිසා කාර්ය මණ්ඩලයේ නිලධාරින් තම කාර්යාලය වෙත පැමිණ සිදු කරගත් ඇන්ටිජන් පරික්ෂාව අනුව ඔහුන්දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විම නිසා එම බැංකු ශාඛාවේ සියළුම කාර්ය මණ්ඩලය රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කිරිමේදි තවත් කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට කොවිඩ්19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිතයන් පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර ලබන අතර , ආශ්‍රිතයන් ඔහුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.




