ඩොලර් අර්බුදය දරුණුයි…

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර – ඖෂධ සහ ඉන්ධන ආනයනය වෙනුවෙන් ඉන්දියාවේ සහය ලබාගන්නැයි සමගි ජන බලවේගය ආණ්ඩුවට යෝජනා කරනවා.

දැනටමත් බරපතල මූල්‍ය අර්බුදයකට රට මුහුණ දී ඇති බැවින් ඉදිරි මාස කිහිපය ඉතා අවදානම් බැවින් මේ මොහොතෙදිී ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාමහතා පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ගැනීමට තිබූ අවස්ථාවද අදවනවිට මගහැරී ඇති බවයි මන්ත්‍රිවරයා සඳහන් කළේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කරේ ඒ සදහා සහයක් අවශ්‍ය නම් තමන් ඇතුලු විපක්ශය එයට සහය ලබා දීමටත් සූදානමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?