LNG ගිවිසුම ගැන අනුරගෙන් මතභේදාත්මක හෙළිදරව් කිරීමක්

මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් විශේෂ හෙළිදරව්වක් අද (10) දින පාර්ලිමේන්තුවේ දී සිදුකර සිටියා.

අදාළ ගිවිසුම සභාගත කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, එම ගිවිසුම අත්සන් කර ඇත්තේ අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා,

“ශ්‍රී ලංකා රජය සහ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමගාම අතර, අත්සන් කරනු ලැබු ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවක දී කිව්වා. භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න බවත් මා දැක්කේ නෑ. හැබැයි මා දන්නා පරිදි ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නෑ. අද මුදල් අමාත්‍යාංශ විවාදයේ දී ඒක වැදගත් ලෙස අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුව තිබෙනවා. නමුත් මා සතුව ඒ ගිවිසුම තිබෙනවා. ඒකේ සේලර් හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බයර් හැටියට එන් එෆ් ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අත්සන් කරපු ගිවිසුමක්. මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කළේ. ඒ මොකද මේක පෞද්ගලික දේපළක් පවරාදීම් පිළිබඳ ගිවිසුමක් නෙමෙයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43