spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

LNG ගිවිසුම ගැන අනුරගෙන් මතභේදාත්මක හෙළිදරව් කිරීමක්

මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් විශේෂ හෙළිදරව්වක් අද (10) දින පාර්ලිමේන්තුවේ දී සිදුකර සිටියා.

අදාළ ගිවිසුම සභාගත කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, එම ගිවිසුම අත්සන් කර ඇත්තේ අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා,

“ශ්‍රී ලංකා රජය සහ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමගාම අතර, අත්සන් කරනු ලැබු ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවක දී කිව්වා. භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න බවත් මා දැක්කේ නෑ. හැබැයි මා දන්නා පරිදි ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නෑ. අද මුදල් අමාත්‍යාංශ විවාදයේ දී ඒක වැදගත් ලෙස අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුව තිබෙනවා. නමුත් මා සතුව ඒ ගිවිසුම තිබෙනවා. ඒකේ සේලර් හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බයර් හැටියට එන් එෆ් ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අත්සන් කරපු ගිවිසුමක්. මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කළේ. ඒ මොකද මේක පෞද්ගලික දේපළක් පවරාදීම් පිළිබඳ ගිවිසුමක් නෙමෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?