තවත් අති භයානක ඔමික්‍රෝන් ප්‍රභේදය ආශ්‍රිත ආසාදිතයන් හමුවෙයි

නැමීබියාව නොවැම්බර් 11 සිට 26 දක්වා කාලය තුළ අනුපිළිවෙලින් නියැදි සාම්පල 19න් 18කම ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය හඳුනාගෙන ඇති බව එහි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි.

එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදයේ පළමු ආසාදිතයන් දෙදෙනා ක්‍රොඒෂියාව සඳුදා තහවුරු කළ බව රාජ්‍ය සෞඛ්‍ය ආයතනය පවසයි.

“ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු විදේශගත වී නොමැති බැවින් ආසාදනයේ මූලාශ්‍රය පිළිබඳව අපට විශ්වාස නැහැ. දෙදෙනාම සහභාගී වූ ව්‍යාපාරික රැස්වීමකදී ඔවුන් ආසාදනය වී ඇතැයි අපි විශ්වාස කරනවා” රාජ්‍ය සෞඛ්‍ය ආයතනයේ වසංගත රෝග විද්‍යාඥ බර්නාඩ් කයික් පැවසීය.

මේ අතර, දකුණු අප්‍රිකාවේ සිට රුසියාවට පැමිණි පුරවැසියන් දෙදෙනෙකුගෙන් ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු දේශීය අවස්ථා දෙක රුසියාව විසින් හඳුනාගෙන ඇති බව ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

එමෙන්ම, ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය අධිකාරිය ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකාවේ සිට සංචාරය කළ පුද්ගලයෙකු තුළ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ රටෙහි පළමු ආසාදිත සිද්ධිය හඳුනාගෙන ඇති බවයි.

දකුණු ආසියාවේ නේපාලය ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා දෙක හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේය.

ජපානය තුළ තෙවැනි ඔමික්‍රෝන් ආසාදිතයාද වාර්තා කර ඇති අතර, ඔහු ඉතාලියේ සිටි පැමිණි 30 හැවිරිදි පුද්ගලයෙකු බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මීට අමතරව, ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථාව තායිලන්තය විසින් හඳුනා ගෙන ඇත. පසුගිය මාසයේ අගභාගයේදී ස්පාඤ්ඤයේ සිට එරටට ඇතුළු වූ 35 හැවිරිදි එක්සත් ජනපද පුරවැසියෙකු මෘදු රෝග ලක්ෂණ සමග හඳුනාගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54