සාපයක්ද පාපයක්ද? තවත් පාලම් පාරුවක් පෙරළෙයි!

කළුතර දකුණ ප්‍රදේශයේ දී කළුගඟේ පාලම් පාරුවක්  පෙරළීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ.

පුද්ගලයින් පස් දෙනෙකු, යතුරුපැදි තුනක් සහ පාපැදියක් සමගින් අදාළ පාලම් පාරුව කළුගඟේ ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් එක් අයෙකු අතුරුදන්ව ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ (03) රාත්‍රීයේ මෙම ඔරුව අනතුරට ලක්වු අවස්ථාවේදී එහි සිටි පිරිසෙන් එක් අයෙක් ජීවිතාරක්ෂ කබා පැළඳ නොසිටි බවද ප්‍රදේශවාසීන් පවසයි.

මේ අතර, පසුගිය (23) ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ පාළම් පාරුවක් පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු මිය ගියේය.

අනතුරින් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37