කිලෝමීටර් 36,000ක් ඉහළින් පෘථිවිය නිරීක්ෂණයට ඉන්දියාවෙන් අලුත් ඇසක්

ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරට පළමු geosynchronous imaging satellite හෙවත් ඉහළ කක්ෂයක සිට පෘථිවිය නිරීක්ෂණය කරන EOS-05 චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

GISAT-1A ලෙසද හැඳින්වෙන මෙම චන්ද්‍රිකාව, GSLV-F17 රොකට්ටුව මගින් ඊයේ (04) වැනිදා අලුයම ශ්‍රීහරිකෝටාහි Satish Dhawan අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරුණා.

මිනිත්තු 18කට පමණ පසු එය සැලසුම් කළ මූලික කක්ෂයට සාර්ථකව ඇතුළත් කළ බව ISRO සඳහන් කරනවා.

අවසානයේ පෘථිවියෙන් කිලෝමීටර් 36,000කට ආසන්න උසක ක්‍රියාත්මක වීමට නියමිත EOS-05 චන්ද්‍රිකාවට, විශාල භූමි ප්‍රදේශ නැවත නැවතත් නිරීක්ෂණය කරමින් ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව සුළි කුණාටු, ගංවතුර, ලැව්ගිනි සහ අනෙකුත් ස්වභාවික ආපදා නිරීක්ෂණය, කෘෂිකර්මාන්තය, වනාන්තර සහ පරිසර අධීක්ෂණය මෙන්ම උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ද මෙම චන්ද්‍රිකාව වැදගත් වනු ඇති.

2021 වසරේදී මෙවැනි හැකියාවක් ලබාගැනීමට ඉන්දියාව ගත් පළමු උත්සාහය අසාර්ථක වූ අතර, මෙවර මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ EOS-05 ඉන්දියාවේ නව Eye in the Sky ලෙස සැලකෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05