ඉවසීමේ සීමාව පැන්න නිදහන්ගල විහාරාධිපති අලි වෙඩිල්ලක් පුපුරවයි… තරුණයෙක් අවසන් ගමන් යයි

වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ සුදුකන්ද නිදහන්ගල විහාරස්ථාන භූමියේ ඊයේ රාත්‍රී 10:30 ට පමණ තරුණයන් පිරිසක් හා එම විහාරස්ථානයේ නාහිමි සමඟ ආරවුලක් ඇතිවී තිබෙනවා. එම ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ස්වාමීන් වහන්සේ විසින් පිපිර වු අලි වෙඩිල්ලකින් එම ස්ථානයේදීම තරුණයකු මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. විහාරාධිපතිගේ දෑත් බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා.


මෙම අලි වෙඩිල්ල පුපුරවා හැරීමෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද නාගස්තැන්න අංක 144 ලිපිනයේ පදිංචිව සිටි එස්.එච්. සිසිර කුමාර යන 27 වියැති අවිවාහක තරුණයෙකු බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කරනවා. මෙම සිද්ධියට සම්බන්ධ විහාරස්ථානයේ චීවරධාරියා අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.


විහාරස්ථාන භූමියේ ප්‍රදේශයේ තරුණයන් හය දෙනකු සමඟ එම චීවරධාරියා සාදයක් පවත්වා ඇති බවට මූලික පරීක්ෂණ කටයුතු වලින් අනාවරණය වී ඇති බවත් ,එම අවස්ථාවේදී මියගිය තරුණයා සමග චීවරධාරියා බහින් බස් වීමක් සිදුව ඇති අතර එහිදී චීවරධාරියා ආවාස ගෙයින් අලි වෙඩිල්ලක් ගෙනැවිත් තරුණයා සමග පොර බදිමින් අලි වෙඩිල්ල පත්තු කරගෙන ඇති බව ද පරීක්ෂණ පවත්වන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (03) වාලච්චේන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිතයි.

https://youtu.be/D5YXm-5Kx9w

ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු – මනම්පිටිය නිමල් ජයරත්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05