වෛද්‍යවරියක් රෝගියෙකුගේ වම් පාදය වෙනුවට දකුණු පාදය ඉවත් කරයි

රෝගියෙකුගේ වැරදි කකුල ශල්‍යකර්මයකින් වෙන්කළ වෛද්‍යවරියෙකුට එරෙහිව ඔස්ට්‍රියානු අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ එහිදී වයස්ගත රෝගියෙකුගේ වම් පාදය වෙනුවට දකුණු පාදය, අදාළ ශල්‍ය වෛද්‍යවරිය විසින් වැරදීමකින් කපා ඉවත්කර ඇති බවය.

එම වැරැද්ද පිළිබඳව හෙළිවී ඇත්තේ දින දෙකකට පසුවය.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ලින්ස් නගරයේ පිහිටි අධිකරණයක් අදාළ වෛද්‍යවරයාට එරෙහිව යුරෝ 2700ක දඩයක් ගසා තිබුණි.

එම නියෝගය අනුව නොසැලකිලිමත් ලෙස කටයුතු කළ බවට වැරදිකරු කර 43 හැවිරිදි එම වෛද්‍යවරයාට එරෙහිව යූරෝ 2,700ක දඩයක් නියම කර තිබුණි.

අධිකරණයේදී හෙළිවී ඇත්තේ අදාළ රෝගියා නඩුව ඇසීමට පෙර මියගොස් තිබු බවය.

එබැවින් එම රෝගියාගේ වැන්දඹු බිරිඳට ද වන්දියක් ගෙවන ලෙස ද වෛද්‍යවරයාට නියෝග කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?