ඉන්දියාවෙන් තවත් ටජ් මහලක්

ආදරයේ සංකේතය ලෙස හඳුන්වන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඕන කෙනෙක් කියාවි ඒ ටජ් මහල කියලා.

සාජාහාන් අධිරාජ්‍යයා විසින් ටජ් මහල ඉදි කරන්නේ 17 වැනි සියවසේදී. ඒ, 14 වැනි දරු ප්‍රසූතියේදී මියගිය ඔහුගේ බිරිද වන මුම්ටාස් දේවිය සිහිවීම පිණිසයි.

ඉතින් මේ වගේම, 27 වසරක් තිස්සේ ලැබුණු ආදරයට සැමරුමක් ලෙස, තමන්ගේ බිරිඳටත් ටජ් මහලක් ලබාදුන් පුවතක් ඉන්දියාවෙන්ම වාර්තා වනවා.ටජ් මහලේ ආකෘතියට අනුව හදපු මේ ගෙදර හදන්න, ඉන්දීය රුපියල් මිලියන 20ක් වැය වෙලා කියලා තමයි ආරංචි වන්නේ.

මෙහෙම තෑගි කරලා තියෙන්නේ 52 හැවරිදි ව්‍යාපාරිකයෙක් වන ආනන්ද් ප්‍රකාශ්.

මෙම ස්මාරකය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බුර්හාන්පූර් නගරයේ වැසියන්ටද ලැබුණු ත්‍යාගයක් කියලා තමයි එහි වැසියන් කියන්නේ.

ඉතින්, මේ දෙදෙනාගේ හරි අපූරු ආදර කතාව තවත් ලස්සන වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?