මං ඔය දේශපාලනේට නෑ – ගී ගයන රෝහිණීගේ පුතු කණිෂ්ක කවිරත්න

පසුගිය දිනවල දේශපාලන කතා අතර නිතර කියැවුණ රෝහිණී කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ පුතු කණිෂ්ක කවිරත්න නවපරපුරේ ගායකයෙකු ලෙස ප්‍රකට බව ඇතැමුන් නොදනී.

යූටියුබ් ඔස්සේ ඔහුගේ ගායනයන් රැසක්ම මියුසික් වීඩියෝ ලෙස ඉදිරිපත්ව ඇති අතර ‘මා නෙත්‘ , ‘අභිනික්මන‘ හා සීත මීදුම් ඒ අතර ප්‍රකටය. ඔහු මව වෙනුවෙන් ගායනා කළ අම්මා ගීතයද ඒ අතර සුවිශේෂීය.

කණිෂ්කගේ පියා සංජීව කවිරත්නද හිටපු මන්ත්‍රීවරයෙකි ඔහු 2014 මියගියේය.තවමත් අවිවාහක කණිෂ්ක සිටින්නේ මව සමගය. කණිෂ්කගේ බාල නැගණිය මේ වන විට විදේශ ගතව සිටී.

පාසල් සමයේ සිට ඩ්‍රම්ස් හා ගීටාර් ශිල්පියෙකු ලෙස දස්කම් දැක්වූ කණීෂ්ක වාණිජ අංශයෙන් උපාධිය හදාරා අවුරුදු 3 1/2ක් පමණ එම අංශයේ රැකියාවකනිරත වුවත් පසුව පූර්ණ කාලීනව සංගීත නිෂ්පාදනයට පිවිසියේය.2004දී ස්වර්ණවාහිනියේ විකාශය වූ මල් කැකුළක් ඉකිබින්දා ටෙලිනාට්‍යයේ චරිතයකද ඔහු රඟපෑවේය.

රෝහිණී කවිරත්න 2015 දී දේශපාලනයට පිවිසෙන්නේ ඇගේ සැමියා වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුවය. රෝහිණී මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු බණ්ඩාගේ මිනිබිරිය වන්නාසේම හිටපු අමාත්‍ය විජේරත්න බණ්ඩාගේ දියණියද වන්නීය. ඇගේ පුතුවූ කණිෂ්කට දේශපාලනයට එන්නට අදහසක් නැතිබව පවසා තිබේ.

‘අද ලංකාවේ දේශපාලන පවුල්වල දරුවන් දේශපාලනයට පිවිසෙන එක විලාසිතාවක් වෙලා තිබෙන්නේ. එම නිසා අම්මාගෙ අදහස වුණෙත් ඒක නතර වෙලා අලුත් කෙනෙක්ට දේශපාලනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්න ඕනෑ කියන එක. මමත් හිතනවා අපි මවුපියන්ගේ අඩිපාරෙම යන්න ඕනෑ නැහැ. අපි කැමැති දේ අපේ අනන්‍යතාව කරගෙන ඉදිරියට යන්න ඕනෑ කියන එක. 

ඔහු ඒ ගැන කියා තිබේ.‘



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18