හයිවේ ටිකට් එක හයි ස්පීඩ් වෙයි

අධිවේග මාර්ගයන් හී සේවා ගාස්තු අයකිරීම “LANKA QR” හරහා ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේග මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ සහ දොරටු සඳහා “LANKAQR” හඳුන්වාදීමට යෝජනා වී තිබේ.

රියදුරන්ට සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක “LANKAQR” සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් ඉතාම සුලු කාලයක් ඇතුලත ( තත්පර 8-10ත් අතර කාලයක් තුළ ) අදාළ ගෙවීම සිදුකිරීමට හැකියාව ලැබෙයි.

කොවිඩ් අනතුරු සමයේ සහ ඉදිරියේත් රට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සඳහන් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17