මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරුවල අවයව කාලා

මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරය තුළට රිංගා සිටින නයි, ගැරඩි, මීයන්, කැරපොත්තන්, තලගොයි හා කබරුන් ආදී සතුන් මළ සිරුරු කා දැමීම නිසා මල් ශාලා සේවකයන් හා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින බවට සඳහන් වෙනවා.

විශේෂයෙන්ම මෘත ශරීරාගාරයේ යකඩ දොරක් කැඩී අබලන් වීම ඊට හේතුව බවයි රෝහල් සේවකයෝ පවසන්නේ. මළ සිරුරු රැක ඉකුත් දිනවල කන්, නාසය, ඇතුළු අවයව මීයන් හා කබරුන් ඇතුළු සතුන් සපා කා තිබු බව මල් ශාලා සේවකයින් පවසනවා. 

මේ පිළිබඳව මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ඉහල නිලධාරීයෙක්ගෙන් විමසූ විට කියා සිටියේ යකඩ දොර අබලන් වීම ඊට හේතු වී තිබෙන බවත් රෝහල් බලධාරීන් අවස්ථා කිහිපයක දී ඒ පිළිබඳව දැනුවත් කර තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?