AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රසිද්ධ ඇඳුම් නිෂ්පාදකයෙක් අගමැතිට දුන් තෑග්ග

බටහිර බෙංගාලයේ ප්‍රසිද්ධ ඇඳුම් නිෂ්පාදකයෙක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සාරියක් පරිත්‍යාග කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ අගමැතිවරයා ජනතාව අමතන ඡායාරූපයක් එහි මුද්‍රණය කර තිබීමයි.

බටහිර බෙංගාලයේ නාදියාහි වැසියකු වන එම ව්‍යාපාරිකයා පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි. සිය ඇඳුම් විලාසිතා සඳහා ඉන්දියාවේ සාම්ප්‍රදායික සංස්කෘතික හා ඓතිහාසික ලක්ෂණ යොදාගන්නා පුද්ගලයකු ලෙස ඔහු ප්‍රසිද්ධය. මෙම ත්‍යාගයට සතුට පළ කරමින් අගමැති මෝදි ට්විටර් පණිවිඩයක්ද මුදාහැර තිබිණි.

ඔහු ව්‍යාපාරික කටයුතු පටන් ගෙන ඇත්තේ 1970 දශකයේදී සිය සොහොයුරා සමග ගෙන්ගෙට ගොස් ඇඳුම් අලෙවි කිරීමෙනි. මේ වනවිට ඔහු යටතේ සේවකයන් 5000ක් පමණ සේවය කරති. ඉන් 2000ක්ම කාන්තාවන්ය. වර්තමානයේ එම ව්‍යාපාරිකයාගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 25ක් පමණ වෙතැයි සැලකේ.

2013දී ඔහු ඉන්දියාවේ අත්කම් ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. බයිරන් නම් එම ව්‍යාපාරිකයාගේ විශේෂ ගනුදෙනුකරුවන් අතර බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී මමතා බැනර්ජි, සව්රව් ගංගුලි, ආශා බෝෂ්ලේ, ලතා මංගේෂ්කාර් හා සත්‍යජිත් රායි ප්‍රමුඛය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?