ප්‍රසිද්ධ ඇඳුම් නිෂ්පාදකයෙක් අගමැතිට දුන් තෑග්ග

බටහිර බෙංගාලයේ ප්‍රසිද්ධ ඇඳුම් නිෂ්පාදකයෙක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සාරියක් පරිත්‍යාග කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ අගමැතිවරයා ජනතාව අමතන ඡායාරූපයක් එහි මුද්‍රණය කර තිබීමයි.

බටහිර බෙංගාලයේ නාදියාහි වැසියකු වන එම ව්‍යාපාරිකයා පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි. සිය ඇඳුම් විලාසිතා සඳහා ඉන්දියාවේ සාම්ප්‍රදායික සංස්කෘතික හා ඓතිහාසික ලක්ෂණ යොදාගන්නා පුද්ගලයකු ලෙස ඔහු ප්‍රසිද්ධය. මෙම ත්‍යාගයට සතුට පළ කරමින් අගමැති මෝදි ට්විටර් පණිවිඩයක්ද මුදාහැර තිබිණි.

ඔහු ව්‍යාපාරික කටයුතු පටන් ගෙන ඇත්තේ 1970 දශකයේදී සිය සොහොයුරා සමග ගෙන්ගෙට ගොස් ඇඳුම් අලෙවි කිරීමෙනි. මේ වනවිට ඔහු යටතේ සේවකයන් 5000ක් පමණ සේවය කරති. ඉන් 2000ක්ම කාන්තාවන්ය. වර්තමානයේ එම ව්‍යාපාරිකයාගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 25ක් පමණ වෙතැයි සැලකේ.

2013දී ඔහු ඉන්දියාවේ අත්කම් ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. බයිරන් නම් එම ව්‍යාපාරිකයාගේ විශේෂ ගනුදෙනුකරුවන් අතර බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී මමතා බැනර්ජි, සව්රව් ගංගුලි, ආශා බෝෂ්ලේ, ලතා මංගේෂ්කාර් හා සත්‍යජිත් රායි ප්‍රමුඛය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42