රට තුල ඉන්ධන හිඟයක්..?

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති අතර ඉන්ධන හිගයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීම බලශක්ති ඇමැතිවරයා ලෙස තමාගේ පළමු වගකීම වන බව ඇමැති උදය ගම්මන්පිල මහතා සදහන් කළේය.

ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ නම් ඒ බව කල්තියා ජනතාවට දැනුම් දීමට රජය කටයුතු කරන බව කී ඇමැතිවරයා, අද දවසේ ඉන්ධන හල් අසල දිගු පෝලිම් ඇතිවී තිබෙන්නේ එක් පුද්ගලයකු විසින් රටේ මාධ්‍ය අවභාවිත කරමින් රටම නොම`ග යැවීම නිසා බවද පැවසීය. ලෝකයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ

පසුුගිය කාලයේ එංගලන්තයේ ද පෙට‍්‍රල් හිගයක් ඇතිවූ අතර ඞීසල් හිගය නිසා ලෙබනනය දින පහක් අදුරේ පැවති බවද කී ඇමැතිවරයා බලශක්ති අර්බුදය ඉදිරියේ සතියක කාලයක් ප‍්‍රාන්ත තුනක් වසා දැමූ චීනයේ අදටත් ප‍්‍රාන්ත එකොළහක් වැඩ කරනුයේ සතියට දින තුනක් බවද පැවසීය.

එහෙත් මේ දක්වා ශ්‍රී ලංකාව තුළ එවන් තත්ත්වයක් ඇති නොවුණු බව කී උදය ගම්මන්පිල මහතා බලශක්ති ඇමැතිවරයා ලෙස තමාත්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත්, කළමනාකරණ අධ්‍යක්‍ෂවරයාත් සිටියදී අද ඉන්ධන හිගයක් පිළිබද අසත්‍ය ප‍්‍රකාශ සිදු කරමින් රට නොමග යවා ඇත්තේ පැන්ෂන් ගිය සංස්ථා සේවකයකු බවද සදහන් කළේය. ඔහු ඇතුළු විවිධ බලවේග මේ අන්දමට ගෙවී ගිය මාස පහ තුළ හතර වතාවක් ඉන්ධන හිගයක් ඇතිවන බව පවසමින් රටේ ජනතාවට අසත්‍ය පවසා නොමග යැවූ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා ඊයේ (16දා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?