රට තුල ඉන්ධන හිඟයක්..?

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති අතර ඉන්ධන හිගයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීම බලශක්ති ඇමැතිවරයා ලෙස තමාගේ පළමු වගකීම වන බව ඇමැති උදය ගම්මන්පිල මහතා සදහන් කළේය.

ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ නම් ඒ බව කල්තියා ජනතාවට දැනුම් දීමට රජය කටයුතු කරන බව කී ඇමැතිවරයා, අද දවසේ ඉන්ධන හල් අසල දිගු පෝලිම් ඇතිවී තිබෙන්නේ එක් පුද්ගලයකු විසින් රටේ මාධ්‍ය අවභාවිත කරමින් රටම නොම`ග යැවීම නිසා බවද පැවසීය. ලෝකයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ

පසුුගිය කාලයේ එංගලන්තයේ ද පෙට‍්‍රල් හිගයක් ඇතිවූ අතර ඞීසල් හිගය නිසා ලෙබනනය දින පහක් අදුරේ පැවති බවද කී ඇමැතිවරයා බලශක්ති අර්බුදය ඉදිරියේ සතියක කාලයක් ප‍්‍රාන්ත තුනක් වසා දැමූ චීනයේ අදටත් ප‍්‍රාන්ත එකොළහක් වැඩ කරනුයේ සතියට දින තුනක් බවද පැවසීය.

එහෙත් මේ දක්වා ශ්‍රී ලංකාව තුළ එවන් තත්ත්වයක් ඇති නොවුණු බව කී උදය ගම්මන්පිල මහතා බලශක්ති ඇමැතිවරයා ලෙස තමාත්, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත්, කළමනාකරණ අධ්‍යක්‍ෂවරයාත් සිටියදී අද ඉන්ධන හිගයක් පිළිබද අසත්‍ය ප‍්‍රකාශ සිදු කරමින් රට නොමග යවා ඇත්තේ පැන්ෂන් ගිය සංස්ථා සේවකයකු බවද සදහන් කළේය. ඔහු ඇතුළු විවිධ බලවේග මේ අන්දමට ගෙවී ගිය මාස පහ තුළ හතර වතාවක් ඉන්ධන හිගයක් ඇතිවන බව පවසමින් රටේ ජනතාවට අසත්‍ය පවසා නොමග යැවූ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා ඊයේ (16දා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14