නිකවැරටිය අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රාථමික පාසලක හතර ශ්‍රේණියේ දරුවෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එම දරුවාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පාසල් බලධාරීන් එම පාසලේ හතර ශ්‍රේණිය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවා ප්‍රතිකාර සඳහා යොමුකර එම දරුවාගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු නිරෝධායනයට ලක්කල බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පංති බාර ගුරුවරිය සහ එම පංතියේ දරුවන් සහ ආසාදිත දරුවාගේ පවුලේ පිරිස ඇන්ට්‍ජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




