තරුණයින් 02ක් කළ වැඩක් මාට්ටු වෙයි

වික්ටෝරියා ජලාශය සහ වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ඊයේ (13) පෙරවරුවේ වික්ටෝරියා වේල්ල ජලාශය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුර ප්‍රදේශයේ මෙලෙස නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර වීඩියෝ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හමුදා නිලධාරීන් විසින් මේ පිළිබඳ තෙල්දෙණිය පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සැකකරුවන් සහ සැකකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 28 සහ 34 වයස්වල පසුවන ඔවුන් ගොතටුව සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකරුවන්. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් තුන්දෙනා අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන බවයි. තෙල්දෙණිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !