ජිවිත 1948 ක් අහිමි කල ඛේදවාචකය

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කර ගැනිීමේ අරමුණින් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ වැඩපිලිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ වුණා.

මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර එහිදී කියා සිටියේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 10 දක්වා කාලය තුළ රිය අනතුරු හේතුවෙන් ජිවිත 1948 ක් අහිමි වී ඇති බවයි.

ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් සහ රියදුරු කුසලතා ලකුණු ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන බව ද ඔහු එහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් හෙළි වුණේ මාර්ග විනය සම්බන්ධයෙන් පළමු අදියර ලෙස අන්තර් පළාත් බස් රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබාදීමට නියමිත බවයි.

අන්තර් පළාත් බස් රථ රියදුරන් 17,000 ක් පමණ මේ වනවිට රට පුරා සේවය කරනවා.

කොරෝනා තත්ත්වය හමුවේ පොලිස් නිලධාරින් 44 දෙනෙකු ආසාදිතව මියගිය බව ද උපදේශක කාරක සභාවේදී තවදුරටත් හෙළි වුණා.

පොලිසියේ 15,700 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36