තවත් තරුණියකගේ මළ සිරුරක් මන්නාරමෙන් හමු වෙයි

දිවි හානිකරගත් බවට සැලකෙන තරුණියකගේ මළ සිරුරක් මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසල කලපුවේ තිබී සොයාගෙන තිබෙනවා.

ඊයේ සොයාගත් මෙම මළසිරුර යාපනයේ පදිංචි 23 හැවිරිදි තරුණියකගේ ලෙස හඳුනාගෙන ඇතැ යි පොලිසිය සඳහන් කළා.

පසුගිය බ්‍රහස්පතින්දා, ඇය සිය පෙම්වතා සමඟ මන්නාරම නගරයට පැමිණ තිබෙනවා.

එහිදී ඔහු සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු ඇය මෙලෙස පාලමෙන් පැන දිවි හානිකරගෙන ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ. මෘත ශරීරය මේ වනවිට මන්නාරම රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !