AFC Banner
Empty Ad
Empty Ad

වතුර නැතිව ජීවත් වෙන්න වෙන ප්‍රදේශ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) රාත්‍රි 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා
ඒ අනුව අද රාත්‍රි 08.00 සිට හෙට (14) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරනවා

අදාළා කාලය තුළ කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව කෝට්ටේ සහ කඩුවෙල මහ නගරසභා සහ මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ සඳහා ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජල කාන්දුවක් පිලිසකර කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?