මෑත කාලයේදී ගැලූ දරුණුතම ගංවතුරෙන් බදුල්ල යටවෙයි

ඊයේ (29) සවස් කාලයේ බදුල්ල ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමගින් බදුලු ඹය පිටාර ගැලීමෙන් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල නිවාස 135කට ආසන්න ප්‍රමාණයක්  ජලයෙන් යටව ඇති බව බදුල්ල ප්‍රාදේශීය ලේකම් හේමන්ත දිසානායක මහතා පවසනවා.

දෙයියන්නේවෙල, සුමනතිස්සගම, යාල්පානවත්ත, බදුලුපිටිය, බදුල්ල දකුණ  ආදී ප්‍රදේශවල බදුලු ඔය ආශ්‍රිතව ඇති නිවාස මෙසේ ජලයෙන් යටව තිබෙනවා.

දෙයියන්නේවෙල නිවාස 2ක්, සුමනිතිස්සගම නිවාස 84ක්, යාල්පානවත්ත නිවාස 2ක්, බදුලුපිටිය නිවාස 15ක්, බදුල්ල දකුණ නිවාස 30ක් ජලයෙන් යටව ඇති බවට මේ වන විට වාර්තා වී ඇති බවයි ප්‍රාදේශීය ලේකම්වරයා ඒෂියන් මිරර් වෙත සදහන් කළේ.

පැය එක හමාරකට ආසන්න කාලයක් ගංවතුර පැවති අතර මේ වන විට ජලය බැස යමින් පවතින බව වාර්තා වනවා.

මෙය මෑත කාලයේදී ගැලූ දරුණුතම ගංවතුර බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.  

 ජයලත් දිසානායක   –   බදුල්ල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !