AFC Banner
Empty Ad
Empty Ad

ආත්ම දෙකක් සැරිසරන අද්භූත බෝනික්කන්ගේ දූපත

අපි මේ කියන්න යන්නේ ලෝකෙ තියෙන බය හිතෙනම තැන්වලින් එකක් ගැන.

මේ තමයි මෙක්සිකෝවෙ තියෙන අද්භූත බෝනික්කො දූපත.

1950 ගණන් වලදී එක පුද්ගලයෙක් මෙක්සිකෝවේ පාලු දූපතකට තනිව ගිය බය පැවසෙනවා.
ඔහු එහි ගොස් ඇත්තේ අවුරුදු 10ක විතර කලින් දියේ ගිලී මියැදුණු ළමයෙකුගේ අණ කිරීමකට අනුවලු.

ඊට පස්සෙ මොහු ඇයව සතුටු කිරීමට මේ දූපත පුරාවටම ගණන් කරන්න බැරි තරම් බෝනික්කො එල්ලා තිබෙනවලු.
ඒත් ඔහුට පසුව තේරුම් ගියාලු ඇයට අවශ්‍ය ඔහුත් මියගොස් ඇය සමග අවතාරයක් වීම මිස වෙන කිසිම දෙයක් නෙවේ කියලා.

මේ සිද්ධියත් සමග බියට පත් වූ පුද්ගලයා මේ පිලිබදව මිතුරෙකුට පැවසූ අතර එදිනම හවස් වරුවෙ ඔහුගේ මල සිරුර හමුවූ බව පැවසෙනවා.
මලසිරුර හමු වී තිබුනේද පෙර කියූ ගැහැණු ළමයා අවුරුදු 10කට පෙර දියේ ගිලී මැරුණ ස්ථානයේදීමයි.

දැන් මේ ආත්ම දෙකම මේ දූපතේ සැරිසරන බව තමයි මෙක්සිකෝවාසින් කියන්නෙ..
ඒ විතරක් නෙවේ මේ දූපතේ ඇවිදින්න යන අයට මේ බෝනික්කන් කොදුරනවා ඇහෙනවා කියලත් ඔවුන් කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?