පාකිස්තානයේ මවක් දරුවන් 7ක් බිහි කර 6ක් මියගිහින්

ශ්‍රී ලංකාවේ මවකට දාව දරුවන් 6 දෙනෙකු එක්වර බිහිවීමේ තොරතුරු වාර්තාවීමට සමගාමීව පාකිස්තානයේ මවක්ද එකවර දරුවන් 7 දෙනෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා. නමුත් පාකිස්තානයේ පළවන එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් වාර්තාවකින් පැවසෙන්නේ එම මව බිහිකළ දරුවන් 07 දෙනාගෙන් 06 දෙනෙකුම මියගොස් ඇති බවයි.

ජින්නා ඇබොටාබාද් ජාත්‍යන්තර රෝහලේ (JIHA) හි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු මෙම දරුවන් 7 දෙනා බිහිකර තිබුනේ පසුගිය ඔක්තෝබර් 16 වනදාය.

පිරිමි ;ළමුන් සිව්දෙනෙකු, ගැහැණු ළමුන් තිදෙනෙකු සහ ඔවුන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව මුල් වාර්තාවෙන් දැක්වුණා.

අලුත උපන් බිළිඳුන්ගේ ඡායාරූප අන්තර්ජාලය පුරා හුවමාරුවූ අතර 34 හැවිරිදි රුක්සානා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන යාර් මොහොමඩ් බිළිඳුන් 07 දෙනා ඉපදීමට පෙර දියණියන් දෙදෙනෙකුගේද දෙමාපියන් විය. ඒ අනුව ඔවුන්ට දරුවන් 09 ක් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

සත් දරු උපත සිදුකළ මව ජින්නා ජාත්‍යන්තර රෝහලට ගෙන එන ලද්දේ ළදරුවන් සති 36 ක් වෙනුවට සති 32 කින් සංකීර්ණ ශල්‍ය කර්මයකින් උපත ලබා දෙන්නටය.

කෙසේ වුවත් අලුත උපන් බිළිඳුන් 07 දෙනාගෙන් 5 දෙනෙකුම මුල් දිනවලදීම මියගොස් ඇති අතර පාකිස්ථාන රජය මැදිහත් වී සෙසු බිලිඳුන් දෙදෙනා වැඩි පහසුකම් සහිත වෙනත් රෝහලකට මාරුකර යැවුනද එහිදී තවත් බිලිඳෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

රෝහලේ ළමා වාට්ටුව භාර වෛද්‍ය ඉජාස් හිසේන් පැවසුවේ නොමේරූ උපත් ආශ්‍රිත සංකූලතා හේතුවෙන් හයවන දරුවා අඟහරුවාදා මියගිය බවයි. හත්වැනි දරුවා දැනට ප්‍රතිකාර ලබමින් සිටී.

“මෙම මව යම් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරමින් සිටි නිසා කලල වැඩි ප්‍රමාණයක් පරිණත වී එකවර ගැබ් ගැනීම් සිදුව තිබෙනවා. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්” එම සංකීර්ණ ශල්‍යකර්මය සිදු කළ JIHA හි නාරිවේද විශේෂඥ වෛද්‍ය Hina Fiaz පාකිස්ථාන මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21