AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයේ මවක් දරුවන් 7ක් බිහි කර 6ක් මියගිහින්

ශ්‍රී ලංකාවේ මවකට දාව දරුවන් 6 දෙනෙකු එක්වර බිහිවීමේ තොරතුරු වාර්තාවීමට සමගාමීව පාකිස්තානයේ මවක්ද එකවර දරුවන් 7 දෙනෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා. නමුත් පාකිස්තානයේ පළවන එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් වාර්තාවකින් පැවසෙන්නේ එම මව බිහිකළ දරුවන් 07 දෙනාගෙන් 06 දෙනෙකුම මියගොස් ඇති බවයි.

ජින්නා ඇබොටාබාද් ජාත්‍යන්තර රෝහලේ (JIHA) හි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු මෙම දරුවන් 7 දෙනා බිහිකර තිබුනේ පසුගිය ඔක්තෝබර් 16 වනදාය.

පිරිමි ;ළමුන් සිව්දෙනෙකු, ගැහැණු ළමුන් තිදෙනෙකු සහ ඔවුන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව මුල් වාර්තාවෙන් දැක්වුණා.

අලුත උපන් බිළිඳුන්ගේ ඡායාරූප අන්තර්ජාලය පුරා හුවමාරුවූ අතර 34 හැවිරිදි රුක්සානා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන යාර් මොහොමඩ් බිළිඳුන් 07 දෙනා ඉපදීමට පෙර දියණියන් දෙදෙනෙකුගේද දෙමාපියන් විය. ඒ අනුව ඔවුන්ට දරුවන් 09 ක් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

සත් දරු උපත සිදුකළ මව ජින්නා ජාත්‍යන්තර රෝහලට ගෙන එන ලද්දේ ළදරුවන් සති 36 ක් වෙනුවට සති 32 කින් සංකීර්ණ ශල්‍ය කර්මයකින් උපත ලබා දෙන්නටය.

කෙසේ වුවත් අලුත උපන් බිළිඳුන් 07 දෙනාගෙන් 5 දෙනෙකුම මුල් දිනවලදීම මියගොස් ඇති අතර පාකිස්ථාන රජය මැදිහත් වී සෙසු බිලිඳුන් දෙදෙනා වැඩි පහසුකම් සහිත වෙනත් රෝහලකට මාරුකර යැවුනද එහිදී තවත් බිලිඳෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

රෝහලේ ළමා වාට්ටුව භාර වෛද්‍ය ඉජාස් හිසේන් පැවසුවේ නොමේරූ උපත් ආශ්‍රිත සංකූලතා හේතුවෙන් හයවන දරුවා අඟහරුවාදා මියගිය බවයි. හත්වැනි දරුවා දැනට ප්‍රතිකාර ලබමින් සිටී.

“මෙම මව යම් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරමින් සිටි නිසා කලල වැඩි ප්‍රමාණයක් පරිණත වී එකවර ගැබ් ගැනීම් සිදුව තිබෙනවා. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්” එම සංකීර්ණ ශල්‍යකර්මය සිදු කළ JIHA හි නාරිවේද විශේෂඥ වෛද්‍ය Hina Fiaz පාකිස්ථාන මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?