ශ්‍රී ලංකාවේ මවකට දාව දරුවන් 6 දෙනෙකු එක්වර බිහිවීමේ තොරතුරු වාර්තාවීමට සමගාමීව පාකිස්තානයේ මවක්ද එකවර දරුවන් 7 දෙනෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා. නමුත් පාකිස්තානයේ පළවන එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් වාර්තාවකින් පැවසෙන්නේ එම මව බිහිකළ දරුවන් 07 දෙනාගෙන් 06 දෙනෙකුම මියගොස් ඇති බවයි.
ජින්නා ඇබොටාබාද් ජාත්‍යන්තර රෝහලේ (JIHA) හි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු මෙම දරුවන් 7 දෙනා බිහිකර තිබුනේ පසුගිය ඔක්තෝබර් 16 වනදාය.
පිරිමි ;ළමුන් සිව්දෙනෙකු, ගැහැණු ළමුන් තිදෙනෙකු සහ ඔවුන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව මුල් වාර්තාවෙන් දැක්වුණා.
අලුත උපන් බිළිඳුන්ගේ ඡායාරූප අන්තර්ජාලය පුරා හුවමාරුවූ අතර 34 හැවිරිදි රුක්සානා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන යාර් මොහොමඩ් බිළිඳුන් 07 දෙනා ඉපදීමට පෙර දියණියන් දෙදෙනෙකුගේද දෙමාපියන් විය. ඒ අනුව ඔවුන්ට දරුවන් 09 ක් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.
සත් දරු උපත සිදුකළ මව ජින්නා ජාත්‍යන්තර රෝහලට ගෙන එන ලද්දේ ළදරුවන් සති 36 ක් වෙනුවට සති 32 කින් සංකීර්ණ ශල්‍ය කර්මයකින් උපත ලබා දෙන්නටය.
කෙසේ වුවත් අලුත උපන් බිළිඳුන් 07 දෙනාගෙන් 5 දෙනෙකුම මුල් දිනවලදීම මියගොස් ඇති අතර පාකිස්ථාන රජය මැදිහත් වී සෙසු බිලිඳුන් දෙදෙනා වැඩි පහසුකම් සහිත වෙනත් රෝහලකට මාරුකර යැවුනද එහිදී තවත් බිලිඳෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.
රෝහලේ ළමා වාට්ටුව භාර වෛද්‍ය ඉජාස් හිසේන් පැවසුවේ නොමේරූ උපත් ආශ්‍රිත සංකූලතා හේතුවෙන් හයවන දරුවා අඟහරුවාදා මියගිය බවයි. හත්වැනි දරුවා දැනට ප්‍රතිකාර ලබමින් සිටී.
“මෙම මව යම් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරමින් සිටි නිසා කලල වැඩි ප්‍රමාණයක් පරිණත වී එකවර ගැබ් ගැනීම් සිදුව තිබෙනවා. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්” එම සංකීර්ණ ශල්‍යකර්මය සිදු කළ JIHA හි නාරිවේද විශේෂඥ වෛද්‍ය Hina Fiaz පාකිස්ථාන මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ.














In a sense it is good that they lost their lives very very early stages in their lives without suffering. 7 kids of same ages in a family are really a big burden to their parents. If all 7 survived, it would be very difficult to for all of them to live happily due to lack of facilities and enough money for their parents. They would have to suffer a lot during their entire childhood until they themselves can live alone without their parents support and care. That is why I mentioned their passing away immediately after the births without suffering for many years is a good thing.
Please stop giving births to children unnecessarily. Try abortions even before the 2nd month of embryo.