හිතුවක්කාර විවාහයක් කරගත් දුව නිසා පියා සිය පවුලටම ගිනිතබා ඝා-තනය කරයි

පාකිස්ථානයේ මධ්‍යම මුසෆර්ගාග් ප්‍රදේශයේ පියෙකු විසින් සිය දියණියන් දෙදෙනා සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනා ගිනි තබා ඝාතනය කළ ඛේදනීය සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිය කැමැත්තකින් තොරව එක් දියණියක් විවාහ වීම හේතුවෙන් දියණියන් දෙදෙනාට සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනාට ඔහු මෙලෙස ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ. සිය පියාගේ අකමැත්තෙන් මීට වසර එකහමාරකට පමණ ඉහත එක් දියණියක් විවාහ ගිවිස ගෙන ඇති අතර මේ හේතුවෙන් සැකකාර පියා සහ දියණියන් අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. 

මෙම ආරවුල් සමඟ නිතරම කෝපයෙන් සිටි පියා විසින් දියණියන් පදිංචිව සිටි නිවසට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ. සැකකාර පියා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?