හිතුවක්කාර විවාහයක් කරගත් දුව නිසා පියා සිය පවුලටම ගිනිතබා ඝා-තනය කරයි

පාකිස්ථානයේ මධ්‍යම මුසෆර්ගාග් ප්‍රදේශයේ පියෙකු විසින් සිය දියණියන් දෙදෙනා සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනා ගිනි තබා ඝාතනය කළ ඛේදනීය සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිය කැමැත්තකින් තොරව එක් දියණියක් විවාහ වීම හේතුවෙන් දියණියන් දෙදෙනාට සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනාට ඔහු මෙලෙස ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ. සිය පියාගේ අකමැත්තෙන් මීට වසර එකහමාරකට පමණ ඉහත එක් දියණියක් විවාහ ගිවිස ගෙන ඇති අතර මේ හේතුවෙන් සැකකාර පියා සහ දියණියන් අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. 

මෙම ආරවුල් සමඟ නිතරම කෝපයෙන් සිටි පියා විසින් දියණියන් පදිංචිව සිටි නිවසට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ. සැකකාර පියා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29