චීනය ඇතුළු ලොව රටවල් කිහිපයක විදුලි සැපයුමත් ඇණ හිටියි : ලොවපුරා ඉන්ධන හිඟයක් ගැන අනතුරු ඇඟවෙයි

ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය නිල වශයෙන් දැනුම් දුන් අතර එය හැකියාව වෙතොත් ලබන සඳුදා නැවත ඇරඹීමට බලාපොරොත්තු වෙන බවද ඔවුන් සඳහන් කර සිටියි.

ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට ලෙබනන් විදුලි සමාගම බලාපොරොත්තු වෙන් පසුවුවත් එය ඉක්මනින් සිදුවේද යන්න ගැටළු සහගත බවයි එරට රජය පවසන්නේ.

2020 වර්ෂයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් පසුව එරට පාලන බලයේ සිටි රජය ඉවත් වීමත් සමග ලෙබනනයේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් තිබෙනවා.

අවශ්‍ය ඉන්ධන ගබඩා නොකර ගැනීම ඇතුළු අත්‍යාවශය භාණ්ඩ හිඟකමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පාලන බලය අල්ලා ගැනීමට වෙර දරණ විවිධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය බවයි ජාත්‍යන්තර විශේෂඥයින් පවසන්නේ.

මේ අතර ලොවපුරා බලශක්ති හිඟ තාවයක් මතුවෙමින් පවතිනවා. ඒ ගෝලීය ඉන්ධන හිඟතාවයක් මතුවීමත් සමගයි.

ඉන්දියාවේ ගල් අඟුරු විදුලි බලාගාර ඉදිරි දීන 03 තුලදී අක්‍රිය වෙනු ඇති බවට එරට රජය දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ ඔවුන්ගේ ගල් අඟුරු බලාගාර 135 සඳහා ඇත්තේ දින 03කට ප්‍රමාණවත් ඉන්ධන බවයි රජයේ දත්ත පෙන්නුම් කරන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර මිලියන 20 කට අධික ජනතාවට අඳුරේ සිටීමට සිදුවෙනු ඇති බවට දැනටමත් අනතුරු අඟවා ඇත.

මේ අතර කොවිඩ් වසංගතයෙන් පසු රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමත් සමග චීනයේ ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කෙරුණද ලොවපුරා ගල් අඟුරු සඳහා ඇතිවී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑම නිසා එම විදුලි බලාගාර පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් චිනයේද ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙන බව සඳහන්.

විශේෂයන් දකුණු ගුආන්ඩොන්ග් ප්‍රාන්තය සහ නිරිත දිග චීනයේ කර්මාන්ත ශාලා බහුලව පිහිටි ජිලිං, ලියෑනිංන් සහ හෙලිඔන්ගීජෑන්ග් යන ප්‍රදේශවලට මෙම තත්ත්වය තදින්ම බලපෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර චීනයේ ප්‍රාන්ත 16ක ඉන්ධන ඇතුළු බලශක්ති බෙදා හැරීම සලාක ක්‍රමයට යටත් කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පුර්ණ විදුලි ඇණ හිටීමක් සිදුවීම වලක්වා ගැනීම සඳහායි.

මේ අතර කොවිඩ් -19 වසංගතයෙන් පසු ආර්ථික කටයුතු නැවත ඇරඹීමත් සමගම යුරෝපයේ ද ඉන්ධන හිඟතාවයක් මතුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56