AC දැම්මටත් වඩා නිවස කූල් කරන තීන්ත වර්ගයක් – රු 8000ක් දීලා මුලු ගෙදරම කූල් කරගන්න

වායූ සමීකරණ යන්ත්‍රවලටත් වඩා ගොඩනැගිලි අභ්‍යන්තරයේ ඇති උෂ්ණත්වය අඩු කළ හැකි සුදෝ සුදු (Ultra – White) තීන්ත විශේෂයක් ඇමරිකාවේ ඉන්දියානාහි පිහිටි පර්ඩියූ විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී ඇත.

ලෝක බලශක්ති අර්බුදයට මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමටද කදිම විසඳුමක් ලෙස හඳුන්වන මෙම නව තීන්ත වර්ගය මගින් සූර්යාලෝකය 98.1% ක්ම පරාවර්තනය කරනු ලබන බව කියයි.

සාමාන්‍යයෙන් වෙළඳපොළේ ඇති සුදු තීන්ත මගින් සූර්ය තාපය උරාගැනීමක් සිදු වුවද, මෙම නව තීන්ත වර්ගය මගින් සූර්ය තාපය පරාවර්තනය කරන බව මෙම තීන්ත නිර්මාණය කළ ඉන්ජිනේරුවන් කියයි.

මෙම තීන්ත වර්ග අඩි 1,000ක නිවසක වහළය මත ආලේප කළහොත් කිලෝවොට් 10ක පමණ බලශක්ති ප්‍රමාණයක් භාවිතා කරමින් සිදුකරන සිසිලන ක්‍රියාවලිකට සමාන ප්‍රතිඵලයක් ඇති වන බවත් එය දැනට භාවිතා වන වායූ සමීකරණ යන්ත්‍රවලට වඩා ඉතා වැඩි කාර්යක්ෂමතාවයකින් යුක්ත බවත් කියයි.
මෙම තීන්ත වර්ගය, ගැලුමක් රුපියල් 6,000 ත් 8,000 ත් වැනි මිලකට තව වසරක් දෙකක් වැනි කාලයකදී ශ්‍රී ලංකිකයන්ට ද මිලදී ගත හැකි වනු ඇත.

WhatsApp Image 2021 10 05 at 2.18.23 PM
පර්ඩියූ විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්ය ෂියුලින් රුවන් සිය විද්‍යාගාරයේ සකස් කළ සුදුම තීන්ත සාම්පලයක් සමග
WhatsApp Image 2021 10 05 at 2.19.33 PM
පර්ඩියූ පර්යේෂකයන් වහලයක් මත තැබූ සුදු තීන්ත සාම්පලවල සිසිලන ක්‍රියාකාරිත්වය සංසන්දනය කිරීම සඳහා අධෝරක්ත කැමරාවක් භාවිතා කරන අයුරු
WhatsApp Image 2021 10 05 at 2.23.04 PM

පර්ඩියූ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් සකස් කරන ලද සුදු විකිරණ සිසිලන තීන්ත (වමේ, දම් පැහැයෙන්) වානිජමය සුදු තීන්ත සමඟ සසඳන විට හිරු එළියේ සිසිල්ව පැවතිය හැකි බව අධෝරක්ත කිරණ කැමරා රූපයක දැක්වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09