දකුණු කොරියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ රැස්වීමකට සහභාගිවීමට ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගුවන් තොටුපොළේ දී අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා.
ඒ, එන්නත් කාඩ්පත රැගෙන ඒමට අමතක වීම හේතුවෙන්.
එහිදී ලේකම්වරයාට ගුවන් යානයට ගොඩවීමට හැකියාව ලැබී නැහැ.
කෙසේ වෙතත්, එන්නත් කාඩ්පතේ ඡායා පිටපතක් තම ජංගම දුරකථනය වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔහුට ගැටළුව විසඳාගෙන ගුවන් ගතවීමට හැකි වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගිවීම සඳහායි ඔහු මෙලෙස ඊයේ (03) දිවයිනෙන් පිටව ගියේ.
එය හෙට සහ අනිද්දා යන දෙදින තුළ දකුණු කොරියාවේදී පැවැත්වෙනවා.
පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ රටවල් 47 ක අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිත බවයි.




