හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ගුවන් තොටුපොළේ දී අකරතැබ්බයක්

දකුණු කොරියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ රැස්වීමකට සහභාගිවීමට ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගුවන් තොටුපොළේ දී අකරතැබ්බයකට මුහුණ දී තිබෙනවා.

ඒ, එන්නත් කාඩ්පත රැගෙන ඒමට අමතක වීම හේතුවෙන්.

එහිදී ලේකම්වරයාට ගුවන් යානයට ගොඩවීමට හැකියාව ලැබී නැහැ.

කෙසේ වෙතත්, එන්නත් කාඩ්පතේ ඡායා පිටපතක් තම ජංගම දුරකථනය වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔහුට ගැටළුව විසඳාගෙන ගුවන් ගතවීමට හැකි වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගිවීම සඳහායි ඔහු මෙලෙස ඊයේ (03) දිවයිනෙන් පිටව ගියේ.

එය හෙට සහ අනිද්දා යන දෙදින තුළ දකුණු කොරියාවේදී පැවැත්වෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ රටවල් 47 ක අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිත බවයි.

  1. එන්නත් ඒ ඒ රටවලට අනිවාර්ය අංගයක් බව අපි දනිමු. නමුදු මෙම ප්‍රවෘත්ති එන්නත ප්‍රවර්ධනය වන අන්දමින් gossiplanka news page එක විසින් සකසා මිනිසුන් බිය වැද්දවීමට දරණ අදීන උත්සහය පිලිකුලෙන් යුතව හෙලා දකිමු. ඒ රටවලට එන්නත ලොකු උනාට අපේ ර⁣ටේ අපේ වෙදකමක් තියෙන බවත් ඒ වෙදකමෙන් අනන්ත අප්‍රමාන රෝගීන් ප්‍රමාණයක් සුව කරල පෙන්නපු බවත් ඇස් පනාපිට ඔප්පුවි ඇති බව ආණ්ඩුවට ගැතිකම් කරන gossip lanka admin මණ්ඩලයට කනගාටුවෙන් වුවත් මතක් කරමි.