ඉන්දීය විදේශ ලේකම් අද යාපනයට

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතය.

විදේශ අමාත්‍යාංශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා සමග එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනෙකු ද දිවයිනට පැමිණි බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොලේ දී පිළිගනු ලැබීය.

අද දිනයේ යාපනයේ සංචාරයක නිරත වන ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා හෙට (04) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙම සංචාරය තුළදී මහනුවර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වල ද සංචාරය කිරීමට නියමිතය.

මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දින 12ක යුද අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

හෙට දිනයේ සිට ලබන 15 වන දින දක්වා අම්පාර පුහුණු පාසලේ දී මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දෙරටේ හමුදා අතර සමීප සබඳතා ප්‍රවර්ධනය කිරීම, අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම, කැරලි මර්දනය හා ත්‍රස්ත විරෝධි මෙහෙයුම් සිදුකිරීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ වෙයි.

මේ සඳහා ඉන්දියානු හමුදා නිලධාරීන් 120 දෙනෙකු පමණ සහභාගීවීමට නියමිතව තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18
Video thumbnail
කොටි නායකයෙකුගේ ගුණ වයපු මන්ත්‍රීවරයාට වැඩ වරදියි
04:03
Video thumbnail
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු කළා
04:49