සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතය.
විදේශ අමාත්‍යාංශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා සමග එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනෙකු ද දිවයිනට පැමිණි බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොලේ දී පිළිගනු ලැබීය.
අද දිනයේ යාපනයේ සංචාරයක නිරත වන ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා හෙට (04) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙම සංචාරය තුළදී මහනුවර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වල ද සංචාරය කිරීමට නියමිතය.
මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දින 12ක යුද අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
හෙට දිනයේ සිට ලබන 15 වන දින දක්වා අම්පාර පුහුණු පාසලේ දී මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දෙරටේ හමුදා අතර සමීප සබඳතා ප්‍රවර්ධනය කිරීම, අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම, කැරලි මර්දනය හා ත්‍රස්ත විරෝධි මෙහෙයුම් සිදුකිරීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ වෙයි.
මේ සඳහා ඉන්දියානු හමුදා නිලධාරීන් 120 දෙනෙකු පමණ සහභාගීවීමට නියමිතව තිබේ

අපෙ උන්ට කාලෙකට චීන විරොදය චීනය ලන්කාව නතු කර ගන්නවා කියා කෑ ගසනවා; තව කලකදි එය ඇමරිකානු විරොදී වනවා; තවත් කලකදි එය ඉන්දියානු විරොදය වෙනවා; අපෙ උන්ට කන්න බොන්න හෙම දෙයක්ම රටින් එනකම් බලන් ඉන්නෙ , ඉතින් මුන් ඉන්දියාව ඇමරිකාව හො චීනය නයක් දීල බඩ ගොස්තරය වසනවා, බඩ ගෝස්තරය වසා උන්ටම බනින පාහර ජඩ ජාතියක් වෙලා අපෙ උන් දෙන් , බන්කොලොත් දේෂපාලුවන් පසු පස ගොස් උන්ගෙන් රැවටී රටම වනසන සිහලුන් නොව නරියන් කොටසක් සෙ වෙඩ කරන්නෙ