AFC Banner
Empty Ad
Empty Ad

ඉතාලියේ නගර සභා ඡන්දෙට ශ‍්‍රී ලංකාවෙන් 06ක්

ඉතාලියේ නගර සභා මැතිවරණය සඳහා තරග වැදීමට ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලාංකිකයන් හයදෙනකුට අවස්ථාව උදා වී ඇත. මෙම අවස්ථාව ඔවුන් උදාකරගෙන තිබෙන්නේ ඉතාලියේ මිලානෝ සහ නාපෝලි නගරයේ ඡන්ද කොට්ඨාශ වල තරග වැදීම සඳහාය.
ඉන් ශ‍්‍රී ලාංකිකයන් හතර දෙනෙක්ම මිලානෝ නගරයේ ඡුන්ද කොට්ඨාශ හතරක් සඳහා තරග වදින අතර දෙදෙනෙක් නාපොලි නගරයේ ඡන්ද කොට්ඨාශයක් සඳහා තරග කිරීමට ඉදිරිපත් වී සිටිති.
ඒ අනුව අංක 07 කොට්ඨාශයට ධම්මිකා චන්ද්‍රසේකර, අංක 05 කොට්ඨාශයට රෝයි ගංගා, අංක 07 කොට්ඨාශයට කි‍්‍රස්ටෝපර් දඹගේ, සමස්ත කොට්ඨාශ 09 සඳහා කි‍්‍රස්ටිනා ගිත්මි මැතිවරණ තරග බිමට පිවිස ඇත.
සෙසු ශ‍්‍රී ලංකිකයන් දෙදෙනා වන ඇන්ජලි අලහකෝන් සහ රවින්ද්‍ර නාපොලි නගර සභාවට තරග වදිති.
ඉතාලියේ නගරසභා මැතිවරණයේ ඡුන්ද විමසීම මෙම මස 03 දා සහ 04දා පැවැත්වෙන අතර ඉතාලි දේශපාලනයට සම්බන්ධ වීමට මෙම අවස්ථාව උදාකරගෙන තිබෙන්නේ විවිධ අවස්ථාවල ඉතාලියේ රැකියා සඳහා ශ‍්‍රී ලංකාවෙන් සංක‍්‍රමණයව පසු කාලීනව එරට පුරවැසිභාවය ලැබූ පිරිසක් වීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?