AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා මර්දනයට කරලක් – දෙවරක් බිව්වොත් ප්‍රතිඵල

කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම්, අඩකින් පමණ අඩු කල හැකි නව කරලක් නිපදවීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති මෙය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් ආසාදිත රෝගීන්ට ලබා දී තිබෙනවා.

පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකළ මෙම අධ්‍යයනයෙන් පසු රෝහල් ගතවීමට තරම් රෝග ලක්ෂණ ‌පෙන්වා ඇත්තේ සියයට 7.3 කට පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

මේ වනවිටත් මෙම කරල් විශේෂය හදිසි භාවිතය සඳහා අයදුම් කර ඇති බව නිෂ්පාදන සමාගම පවසනවා.

ෆයිසර් සමාගම ඇතුලු ආයතන කිහිපයක්ද මේ වනවිටත් කරල් නිපදවීම ආරම්භ කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රථීඵලයක් අත්කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?