දුම්වැටි භාවිතා කරන අයට අසුබ පුවතක්

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් සමග ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් දුම්වැටි භාවිතය අවම වනු ඇතැයි, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වනවිට සකස්කර ඇතැයි ද , දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා එහිදී පවසා තිබෙනවා.

2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරී පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා අතර ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථානවල දුම්පානය, ආදී කරුණු සම්බන්ධයෙන් පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති ගෙන ඒමට ද අපේක්ෂිතයි.

මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාදය යාවත්කාලීන කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා පුළුල් ප්‍රචාරයක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට උපදෙස් දී ලබා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15