එංගලන්තයට ගිය පාකිස්තාන ක්‍රීඩකයින් 07කට වැඩ වරදී – කණ්ඩායමෙන් දොට්ට

එංගලන්ත සංචාරයේ මුල් තරග දෙකේදී පෙන්නුම් කළ අතිශය දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන්, එම තරග සංචාරයේ සංචිතයට එක්ව සිටි ක්‍රීඩකයන් 07 දෙනෙක් සංචිතයෙන් ඉවත් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණයකර තිබෙනවා.

මුල් තරග දෙකට සහභාගී වූ මොහොමඩ් රිස්වාන්, ඉමාම්-උල්-හක්, සල්මාන් අලි අගා, අලි උස්මාන් සහ කුරම් ෂහ්සාද් සහ මේ දක්වා, තරගාවලියේ ක්‍රීඩා නොකරනු ලැබූ, ආමීර් ජමාල් සහ මුහම්මද් අවයිස් ජෆාර් එලෙස කණ්ඩායමෙන් ඉවත් කර නැවත පාකිස්ථානයට කැඳවා තිබුණා.

එමෙන්ම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සර්ෆරාස් අහමඩ් සහ සහායක පුහුණුකරු උමර් ගුල් ද පුහුණුකාර තනතුරෙන් ඉවත්කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර එලෙස කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබූ ක්‍රීඩකයින් 07 දෙනා වෙනුවට සයිම් අයූබ් සහ අබ්දුල්ලා ෆසාල් මෙන්ම මීට පෙර ජාත්‍යන්තර ටෙස්ට් වරම් නොලද ක්‍රීඩකයින් වන මොහොමඩ් ඉම්රාන් ජූනියර්, සයිඩ් බේග්, මොහොමඩ් ඉම්රාන් සහ රසාඋල්ලා යන කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

එමෙන්ම එංගලන්තයේ දී පුරප්පාඩු වූ පුහුණුකාර තනතුරු සඳහා පාකිස්තාන සීමිත පන්දුවාර පුහුණුකරු වන මයික් හෙසන් සහ හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඈෂ්ලි නොෆ්කේ පත් කර ඇති බව වාර්තා වනවා

තරගාවලියේ මුල් තරගෙහි ලැබූ ජයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය, තරග 2-0ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසු වනවා.

තෙවන ටෙස්ට් තරගය ලබන 9 වැනිදා බර්මින්හැම් හිදී ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40