දියවන්නාවේ ‘තෙල් තට්ටුවට’ හේතු හඳුනා ගැනේ

ඉකුත් සතියේ දී දියවන්නා ඔය දෙසට පාවෙමින් තිබූ තෙල් තට්ටුවක් සම්බන්ධයෙන් වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබෙනවා.

අදාළ ස්ථානවලින් ජලසාම්පල් ගෙන පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ මෙම ස්ථානවල ජලය කළු පැහැගැන්වී තිබු බවත්, ජලය මත තැනින් තැන කුඩා හා තුනී තෙල් තට්ටුවක් පවතින බවත්ය.

එමෙන්ම එම ස්ථානයේ තෙල් සහිත අපද්‍රව්‍ය පල්වීම නිසා හටගන්නා දුර්ගන්ධයක් වහනය වූ අතර ජලය බැස යාම ක්‍රමවත්ව සිදු නොවන බවද නිරීක්ෂණය කර තිබෙනවා.

එමෙන්ම ඒ මත දණ්ඩකින් කැලතූ විට පතුලේ සිට වායු බුබුලු සමග තුනී තෙල් තට්ටුවක් මතුවන අතර ඒවා ජලය මතුපිට පාවී යන ස්වාභාවයක් ද නිරීක්ෂණය කර තිබුණා.

ඒ අනුව සිදුකරන ලද නිරීක්ෂණයන් අනුව කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී බැක්ටීරියා වර්ධනය වීම මත මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව හෙළිව තිබෙනවා

එමනිසා එම ප්‍රදේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා නිර්දේශ තුනක් ක්‍රියාත්මක කරන ලෙස ද විමර්ශණ කණ්ඩායම දැනුම් දී තිබෙනවා.

අවට ජනතාව විසින් පිරිපහදු නොකරන ලද හා අපවිත්‍ර ජලය දියවන්නාවට බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුළේ රොන්මඩ වසරකට වරක්වත් ඉවත් කර ජලය පහසුවෙන් බැස යාමට සැළැස්වීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අපජලය මෙම ජල මාර්ගය වෙත බැහැර කරන්නේ ද සොයා බැලීම යන ක්‍රියාමාර්ග සඳහා එළඹීමට ද විමර්ශන කණ්ඩායම් නිර්දේශ කර තිබුණා.

image 2 1
image 3 1
image 4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53