‘ඉන්ටර්ස්කූල්’ නම් Whatsapp සමූහය ගැන පැහැදිළි කිරීමක්

බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරන ලේඛන හෝ වාර්තා මෙන්ම තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ඉන්ටර්ස්කූල් නම් අදාළ වට්ස්ඇප් සමූහයෙන් ආරාධනයක් ලැබුනහොත් ඊට සම්බන්ධවීමෙන් වළකින ලෙසයි.

එම සමූහයට එක් වුවහොත් ඉන් ඉවත්වීමට නොහැකි බවද අදාළ ලිපියේ සඳහන්ව තිබුණා.මෙම ලිපිය බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් වූවද, වට්ස්ඇප් කණ්ඩායම සම්බන්ධයෙන් සඳහන් කර ඇති තොරතුරු සත්‍යතාවය තහවුරු කරන ලද තොරතුරක් නොවන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?