වෙලේ සුදා හිරෙන් එළියට?

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවාසිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අභියාචනාධිකරණය අද (22) අවසර ලබා දෙන ලදී.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත්කරනු ලැබීය.

තම පුත්‍රයාට මරණීය තර්ජන පවතින හෙයින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙලේ සුදාගේ මව විසින් ගොනු කළ පෙත්සමක් විභාගකළ අභියාචනාධිකරණය  ඔහුව බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලමින් අතුරු නියෝගයක් මීට පෙර නිකුත්කර තිබුණි.

මෙම අතුරු  නියෝගය හේතුවෙන් චූදිත ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාමට බාධා සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය මෝසමක් මාර්ගයෙන්  අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සලකාබැලූ අභියාචනාධිකරණය දැනට නිකුත්කර ඇති තහනම් නියෝගය හේතුවෙන් විත්තිකරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාමට බාධාවක් මතුනොවන බව බන්ධනාගාර අධිකාරීන්ට දැනුම්දී තිබේ.

අනතුරුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 6 වනදා කැඳවීමට ද නියම විය.

වෙලේ  සුදාගේ මව වන ආර්. ජී. මාලනී විසින් සිය පෙත්සමේ සදහන් කර ඇත්තේ විමර්ශන පවත්වන මුවාවෙන් තම පුත්‍රයා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් මරාදැමීමේ සූදානමක් පවතින බවත්, එම නිසා ඔහුව බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙස ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවූ වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මගින් මේ වන විට මරණීය දඩුවම  නියම කර ඇත. -ලංකාදීප

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09