නළුනිළියො දැන් යන්නෙ එල්ලුම් ගස් බලන්නනේ – ජනපති කියූ කතාව

ඊයේ 17 සිකුරාදා ජනපති ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීම අතරතුරදී ජනපති ගෝඨාභය රාජපක්ෂ ‘එල්ලුම් ගහ බලන්න යන නිළියන්‘ ගැන උපහාසාත්මක කතාවක් සිදු කළ බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

මෙම කතාවට මුල්වී ඇත්තේ කොරෝනා එන්නත නොගසා සිටින අයගේ පවතින බාධා ඉවත් කිරීම කෙසේ කළ යුතුද යන සාකච්ඡාවේදීය.

විශේෂයෙන් 20-30 තරුණ පරපුර ඇතැමුන් එන්නත නිසා ලිංගික ශක්තිය හීන වන බවට මතයක් නිසා එන්නත නොගසන බව සාකච්ඡාවට සහභාගීවූ වෛද්‍යවරුන් පෙන්වා දුන් අතර එයට විවිධ විසඳුම් යෝජනාවී ඇත.

එහිදී ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ යුතු බවත් රූපවාහිනියේ ආකර්ෂණීය දැන්වීමක් මගින් ඒ ගැන නිවැරදි පණිවිඩය යෙදිය හැකි බවත් කතාවී ඇත. 

 එය නිකංම සිදු කළොත් වැඩක් නැතැයි කී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා මහාචාර්ය නිලීකා මලවිගේ ජනපතිවරයාට යෝජනා කර ඇත්තේ එන්නත්කරණයේ වටිනාකම ගැන නළු නිළියන් හෝ ක්‍රීඩකයන් යොදාගෙන සිදුකරන පණිවිඩයක් තරුණ පරපුර වෙත වඩා වේගයෙන් ගමන් කරවිය හැකි බවයි. 

ජනපතිවරයා සිනාසෙමින් ප්‍රතිචාර දැක්වූයේ, ‘‘ඕවට නළු නිළියෝ අල්ල ගන්නේ කොහොමද? ඒ අය දැන් යන්නේ වැලිකඩ එල්ලුම්ගහ බලන්න’’ යනුවෙනි. 

gagana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?