රෝහලේ බෝම්බෙන් එළියට එන භයානක ඇත්ත

ලංකා රෝහලේ වැසිකිලියේ කාලබෝම්බය ඇටවූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුට පුරණ ද්‍රව්‍ය භාවිතයට පුහුණුව ලබාදුන්නේ කවුරුන්දැයි මෙතෙක් තහවුරුකර ගෙන නැත.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ යූ ටියුබ් සහ අන්තර්ජාලයෙන් එම දැනුම ලබාගත් බවකි.

එහෙත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විශේෂඥයන් පවසන්නේ මෙම අත්බෝම්බය ඔහු අන්තර් ජාලයෙන් තොරතුරු විමසා ඇටවූ බව පිළිගත නොහැකි බවය.

පුපුරණ ද්‍රව්‍ය භාවිතය ගැන හසල දැනුමක් ඇති නිලධාරීන් පවා එවන් ඇටවුම් කිරීමට දෙවරක් හිතන බවත් එය අවධානම් ක්‍රියාවක් බවත් පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක් සදහන් කළේය.

මෙම සැකකරු අන්තර් ජාලයෙන් තොරතුරු විමසා එම බෝම්බය කාල බෝම්බයක් ලෙස ඇටවූයේ නම් ඊට පෙර මෙවන් ඇටවුම් කර හසල පළපුරුද්දක් ඔහුට තිබිය යුතු බව එම විශේෂඥයාගේ අදහසය. එසේ නොමැතිව කිසිදිනක අත්බෝම්බයක් අල්ලාවත් නොමැති පුද්ගලයෙකුට මෙවන් ඇටවුමක් කිරීමට නොහැකි බව ද ඔහු කියයි.

මෙම සැකකරු ඉදිකිරීම් සමාගමක කම්කරුවෙක් වන අතර වැඩිදුර අධ්‍යාපනයක්ද ලබා නැත්තෙකි. එවන් පුද්ගලයෙක් අන්තර්ජාලයෙන් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සොයා ඒවා අත්හදා බලන්නේ නම් එය වඩාත් බරපතල මෙන්ම ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළ බව නිවුස්වේවූ. එල්කේ වෙබ් අඩවිය සඳහාන් කරයි.

ලංකා රෝහල් වැසිකිලියක කාලබෝම්බය ඇටවූ සැකකරුගේ සහෝදරයා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බව හෙළිවී ඇත.

ඔහු මේ වන විට ආරක්ෂක අංශවලට ඔත්තු සපයන අතර ඔහු ලබාදුන් තොරතුරු මත පසුගිය කාලයේ සාර්ථක වැටලීම් රැසක් සිදුකර ඇතැයිද පොලිස් විමර්ශන වලින් තහවුරු වී ඇත.

සැකකරුගේ සහෝදරියක්ද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව හෙළිවී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19