සුව සේවාවේ තවත් මගඩියක් ගැන හෙළිවේ

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයට යොමු කිරීමේදී සිදුවූ මුදල් ගසා කෑමේ සිද්ධිය වැනි තවත් එවැනිම සුව සේවාවක ප්‍රතිලාභ මෙරටට ලැබීම, ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ මඩිය තර කර ගැනීමේ පටු අරමුණ ඇතිව යට ගැසීමේ සුදානමක් පිළිබඳව ද  තොරතුරු වුණා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාවට කොවිඩ් පරීක්ෂණ සිදුකර ගැනීමේදී ඉහල පිරිවැයක් දැරීමට සිදුවීම මෙන්ම ප්‍රතිඵල ලබාගැනීමට වැඩි කාලයක් ගතවීම ගැටලු‍වක්.

ඉන්දියාවේ ටාටා සමාගම නවීන රසායනාගාර පහසුම්  සහිතව වැඩි දියුණු කල බස් රථ සහිත ජංගම කොවිඩ් පරීක්ෂණ සේවාවක් මෙරටටද හඳුන්වා දුන්නේ  ඊට පිළියමක් ලෙසයි.

ඉන්දියාව තුල කොවිඩ් ආසාදිතයන් හදුනා ගැනීම සදහා මේ වන විටත් සේවාවක් මෙම ජංගම රථ සේවය  සාර්ථකව ක්‍රියාත්මක වනවා.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නේපාලය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, මැලේසියාව සහ තායිවානය යන රටවල ද මෙම සේවය ක්‍රියාත්මකයි.

ඒ අනුව අදාළ සමගම සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කර ඇත්තේ මෙරට දෛනික කොවිඩ්  පරීක්ෂණ ධාරිතාව 20,000ක් දක්වා ඉහල දැමීමට හැකිවන පරිදි ජංගම රථ 5ක් මෙරටට නොමිළේ ලබා දීමටයි. ඒ මාස 18ක් තුල චජර පරීක්ෂණ ලක්ෂ 36ක් සිදු කිරීමේ පදනමින්.

එම රථ කොළඹ, මීගමුව, වව්නියාව, මහනුවර සහ කල්මුනේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබෙනවා.

එහිදී එක් PCR පරීක්ෂාවක්  සිදුකිරීම සදහා වැය වන්නේ රුපියල් 2000ක් තරම් අඩු අගයක්.

අදවන විට මෙරට PCR පරීක්ෂණයක් සදහා රුපියල් 6500ක උපරිම මිලක් සහ ඇන්ටිජන් පරීක්ෂාවක් සදහා උපරිම මිල රුපියල් 2000ක්.

මෙම රසායනාගාර සහිත බස් රථ මෙරටට ලබා ගැනීම සදහා ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ද හිමිව ඇති අතර එම අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ අදාළ කොවිඩ් පරීක්ෂණ ජංගම රථ කොළඹ ජාතික රෝහල, කෑගල්ල දිස්ත්‍රික් රෝහල, ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පිඨය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ස්ථාපිත කරන ලෙසයි.

මේ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද මේ වන විටත් ලැබී තිබෙනවා.කෙසේ වෙතත්, මෙරට ජනතාවට කඩිනමින් සහ සහන මිලට කොවිඩ් පරීක්ෂාවන් සිදුකර ගත හැකි මේ සුව සේවා ව්‍යාපෘතිය යට ගැසීමේ සුදානමක් පවතින බවටයි චෝදනා එල්ල වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56