රියැදුරු බලපත්‍ර ගන්නා අයට ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක වන අලුත්ම පරීක්ෂණය

බරවාහන රියැදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන රියැදුරන්ට වෛද්‍ය පරීක්ෂණයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීම (Drug Test) ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාතමක කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ පැවැසීය.

මේ වෙනුවෙන් සිදුකරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවත්, බරවාහන රිය බලපත්‍ර අයැදුම්කරුවන් 500 ක් අතුරින් සිදුකරන ලද පරීක්ෂා කිරීම් මගින් පනහකට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන් බවට හඳුනාගත් බවත් සභාපතිවරයා කීවේය.

ඒ අනුව ලබන මාසයේ සිට බරවාහන බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන රියැදුරන් සහ කල් ඉකුත් වූ බර වාහන රිය බලපත්‍ර අලුත් කරගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවන සියලුම රියැදුරන්ට මුත්‍රා සාම්පල මගින් සිදුකරන මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාජනය කෙරෙන බවද දිවයින පුරා පිහිටි ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන හරහා මෙම පරීක්ෂාවන් සිදුකරන බවද හෙතෙම කීවේය.

මත්පැන්, මත්කුඩු, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්තකු මෙම පරීක්ෂාවට ලක්කිරීමේදී මුත්‍රා සාම්පල මගින් දෙසතියක කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි නිශ්චිතවම හඳුනාගත හැක.

පළමු පරීක්ෂාවෙන් අසමත් වන රියැදුරකු දෙසතියකට පසුව සිදුකරන දෙවන මත්ද්‍රව්‍ය පරීක්ෂාවෙන්ද අසමත් වන්නේ නම් එම රියැදුරු හට යෝග්‍ය වෛද්‍ය පරීක්ෂණ සහතිකයක් නිකුත් නොකිරීමද මෙමගින් සිදුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
386
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01