ගිනි අවියක් රැගෙන බන්ධනාගාරයට ඇතුළු වීම සහ බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු දණ ගස්වා, හිසට පිස්තෝලය තබා, මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන්, හිටපු බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට සූදානම් බව පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා තිබේ.
ලොහාන් රත්වත්තේ අත තිබුණු ගිනි අවිය අවසර ලත් ගිවි අවියක් විය හැකි නමුත්, ගිනි අවියක් රැගෙන බන්ධනාගාර පරිශ‍්‍රයට ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිවකු හෝ ඔහුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම්, නීතිමය කි‍්‍රයාමාර්ග ගත හැකි බව ඇමති සරත් වීරසේකර, අද නිකුත්ව තිබෙන ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1















